April 16, 2024

යුක්රේනයට එරෙහි රුසියානු හමුදා මෙහෙයුම් සඳහා සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරටින් තොරතුරු ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ පැවසුවේ ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු රුසියානු හමුදා මෙහෙයුම් සඳහා සම්බන්ධ වී ඇති බවට පළවන වාර්තා සමග ඔවුන් ගැන විස්තර ඇත්නම් දන්වන ලෙස රුසියානු හමුදාවෙන් ඉල්ලා සිටිබවයි.

ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් පවසන්නේ ඇතැම් හිටපු සෙබළුන් නීති විරෝධී ක්‍රම මගින් රුසියානු හමුදාවට එක්වන්නට ඇති බවයි.

මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන්හි යෙදීමේ අනතුරුදායක තත්ත්වය පිළිබඳ සෙබළුන් දැනුවත් කිරීමට අමාත්‍යංශය පියවර ගෙන ඇති බව ද ඔහු පැවසීය.

“ලාභදායී දීමනා ඔවුන්ව ඒ සඳහා පොළඹවන්න ඇති. ඔවුන්ගෙන් කිසිවකු සටන්වලදී මිය ගියහොත් වන්දි ගෙවීමේ සහතිකය කුමක්ද,” යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.