April 14, 2024

අරලගංවිල රුහුණුගම ප්‍රදේශයේ දී ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරළී යෑමෙන් සිදුවූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් තිබේ.

වැසිකිළියක් මත රඳවා තිබූ ජල ටැංකියක සිට පහළට සකස් කර තිබූ ජල කරාමයකින් දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

ජල ටැංකිය දැරියගේ ඇඟ මතට වැටී ඇති අතර පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගොස් තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 03යි මාස 07ක් වයසැති රුහුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

සිරුර පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) සිදුකිරීමට නියමිතය.(අද දෙරණ)