
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ආයුධ නිෂ්පාදන සමාගම් කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් දා කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී ආයුධ නිෂ්පාදනය සඳහා ඉන්දියාවට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාවට පෙන්වා දෙන ලදී.
ඒ නිෂ්පාදන සහ සේවා සඳහා අනාගත ඒකාබද්ධ සහයෝගීතාව සඳහා දොර විවර කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටින පසුබිමක් තුළයි.
ඉන්දියාවේ නිෂ්පාදිත ආරක්ෂක උපකරණ ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂක නිෂ්පාදනයේ සහයෝගීතාවය සඳහා මාර්ග ගවේෂණය කිරීම සඳහා “නව අවස්ථා හඳුනාගැනීම සහ නව බැඳුම්කර ඇති කිරීම” යන මැයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණි.
එය සංවිධාන කර තිබුණේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින්.
එම අවස්ථාව සඳහ සහභාගි වී සිටි ඉන්දියාවේ පෞද්ගලික ආරක්ෂක සමාගම් විසින් අවි ආයුධ සහ නියමුවන් රහිත ගුවන් යානා, නවතම ඩ්‍රෝන යානා සහ යුද කලාපවල භාවිත කරන නවතම යුධ උපකරණ ඇතුළු අනෙකුත් නිෂ්පාදන නිපදවීමේදී ඔවුන් වර්ධනය කර ඇති හැකියාව එහිදී ප්‍රදර්ශනය කර තිබේ.
එම අවස්ථාව සඳහා සහභාගි වී සිටි දූත පිරිසට Hindustan Aeronautics Limited, Bharat Electronics Limited, Zen Technologies, SSS Defence, Bharat Forge, Big Bang Boom Solutions, AWEL, AVNL, Mahindra Defence, Sager Defense සහ System LAT Advances ඇතුළු ඉන්දීය ආරක්ෂක සමාගම්වල නියෝජිතයන් ඇතුළත් විය.
ඔවුන් සිය නිෂ්පාදන හැකියාවන් සහ නවීන යුද්ධයකදී ඒවා භාවිත කිරීමේ වාසි ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා නාවික හමුදාපති, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමාගම්වල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
`
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart