April 13, 2024

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය සඳහා එහි විධායක මණ්ඩලය විසින් ක්‍රිස්ටලිනා ජෝර්ජිවාව නැවත වරක් තෝරාගෙන තිබේ.

ඒ අනුව 2024 ඔක්තෝබර් 1 වැනිදා සිට ඇය සිය දෙවැනි පස් අවුරුදු ධුර කාලය අරඹනු ඇත.

“අපගේ සාමාජිකයන් 190ක් නියෝජනය කරන අරමුදලේ විධායක මණ්ඩලයේ විශ්වාසය සහ සහයෝගය පිළිබඳ මම බෙහෙවින් කෘතඥ වෙනවා, දෙවැනි පස් අවුරුදු ධුර කාලය සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස මෙහෙයවීමට ලැබීම ගෞරවයක්” යනුවෙන් ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

“මෑත වසරවලදී, අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපගේ සාමාජික රටවලට වසංගත, යුද්ධ සහ ගැටුම්, ජීවන වියදම් අර්බුදයක් ඇතුළු කම්පන ඔස්සේ ගමන්කිරීමට උදව් කර තිබෙනවා. අපි දේශගුණික විපර්යාස, බිඳවැටීම්, ගැටුම් සහ ඩිජිටල් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපගේ උත්සාහයන් තීව්‍ර කර තිබෙනවා. ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා රටවල්වලට වඩාත් ඵලදායී, තීරණාත්මක සහ පිළිගැනීමේ සංසදයක් වීමට දිගටම උත්සාහ කරනවා” යනුවෙන් ඇය පැවසුවාය.