
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඇත්තේ සිංහලයන් විසින් සිංහලයන් වෙනුවෙන් ගොඩනැගූ සිංහලයන්ගේ ආණ්ඩුවක් බව තමිල් මක්කල් තේසිය කුට්ටනි (ටීඑම්ටීකේ) පක්ෂයේ නායක සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසයි.
දෙමළ අපේක්ෂකයකුට ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කළ නොහැකි බව ද ඔහු පවසා තිබේ.
එමෙන්ම පොදු දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් හොඳම අපේක්ෂකයා තමන් බව විශ්වාස කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් සී.වී. විග්නේෂ්වරන් එලෙස පවසා ඇත්තේ, දෙමළ ජාතිකයන් විසින් දෙමළ අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසා ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන එවැනි ප්‍රකාශයක් කරන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට උපකාර කිරීම සඳහා බවයි.
“දෙමළ අපි මේ දක්වා බහුතර ජනතාව නියෝජනය කරන අපේක්ෂකයන්ට නොකඩවා ඡන්දය දී තිබෙනවා” සිය නිවේදනය මගින් සී.වී. විග්නේෂ්වරන් පෙන්වාදෙයි.
“අපේ දේශපාලන ප්‍රශ්න විසඳන්න හැමෝම පොරොන්දු වුණා. මැතිවරණයෙන් පසු අපව ඔවුන් දැන සිටියේවත් නැති ගාණයි. අපි 1956 සිටි තැනම අදටත් ඉන්නවා. මිත්‍රශීලී පදනමක් මත ලබාදුන් ප්‍රතිලාභ හැර උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නවලට මෙතෙක් විසඳුම් ලැබී නැහැ.” යනුවෙන් අදාළ නිවේදනය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart