
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිත නව දේශපාලන සන්ධානයට ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර සහ රොෂාන් රණසිංහ යන හිටපු ඇමැතිවරුද එක්වීමට නියමිත නව වාර්තා වේ.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන නව දේශපාලන සන්ධානයේ මැයි රැලිය කිරුළපනදී පැවැත්වීමට නියමිත බවද එම රැලියට මෙම හිටපු අමාත්‍යවරුද එක්වීමට නියමිත බව දැනගන්නට තිබේ.
මෙවර මැයි රැලියේදී විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන මෙම සන්ධානයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයාද බොහෝදුරට නම් කෙරෙනු ඇති බවද එම සන්ධාන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.
ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරු පිරිසක්ද මීට එක්වීමට නියමිත යැයිද වාර්තා වේ.
එළැඹෙන 19 වැනිදායින් පසු මෙම සන්ධානය පිළිබඳ තීරණාත්මක තීන්දු තීරණ රැසක් ගැනීමට විශේෂ සාකච්ඡා කිහිපයක් හිටපු ඇමැති විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද නියමිතය.
රාජපක්ෂ පවුල් පාලනය ඇතුළුව මෙරටට වින කළ සියලු දේශපාලන පවුල් පිටුදකින පරිදි ඉදිරියේදී මෙරට දේශපාලන වටපිටාව සකසන බවද ඒ සඳහා මූලික අඩිතාලම මෙම මැයි රැලියෙන් ගන්නා බවද මේ පිළිබඳ අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශකයකු පැවැසීය.
විමල් විරවංශ මන්ත්‍රීවරයා චීන හිතවාදියකු ලෙස ප්‍රකටය.
(මුලාශ්‍රය – මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart