
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් බිලියන 200කට ආසන්න මුදලක පාඩුවක් සිදුව තිබේ.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසන්නේ, ඒ සඳහා 2010 වසරේදී සැලසුම් කළ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 529ක් බවයි.
එම ව්‍යාපෘතිය සඳහා 2008 වසරේදී කැබිනට් අනුමැතිය හිමිවිය.
ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කළේ, 2010 වසරේ මාර්තු 15 වැනි දායි.
කෙසේවෙතත් එම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණේ 2015 වසරේදීයි.
මේ වනවිට එම ව්‍යාපෘතියේ වැඩකටයුතු 100% ම අවසන් කර ඇත.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ සඳහන් කරන්නේ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මේ මාසයේ 24 හෝ 25 ජනතා අයිතියට පත්කෙරෙන බවයි.
ඉරාන රජයේ දායක්ත්වය ඇතිව කළ මෙම ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා ද පැමිණීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එම කටයුතු සූදානම් කරමින් පවතින බව රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
මෙගාවොට් 120ක ජල විදුලියක් මෙම ව්‍යාපෘතිය තුළින් ජාතික පද්ධතියට එක්කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart