
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන් විසින් මෙතෙක් කල් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකින් රුපියක් කෝටි 200කට වැඩි කුලී මුදලක් පැහැරහැර ඇති බව දුෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.
මේ වන විට ඉන් වාහන දෙකක් අතුරුදන්ව ඇති බවත් දූෂණ විරෝධී හඬ සංවිධානය කියයි.
තවද ඇතැම් වාහනවල වටිනාකම රුපියල් කෝටි අටකට අධික ඒවා බවද එම සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ ‘මව්බිමට’ අනාවරණය කර ඇත.
හිටපු ජනාධිපතිවරුන් තිදෙනකු විසින් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකින් ගෙවිය යුතු රුපියල් මිලියන දෙදහසකට වැඩි කුලී මෙසේ පැහැරහැර ඇතැයි වාර්තා වේ.
මෙම වාහන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරුන් වගකිවයුතු බැවින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඊට අදාළ නඩුවක්ද පවරා ඇතැයි පැවැසූ සමරසිංහ
පෙන්වාදුන්නේ, මෙම වාහන 2006 සිට ජනාධිපතිවරුන් තිදෙනෙක් යටතේ භාවිත කළ ඒවා බවයි.
මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමකින් කල්බදු ක්‍රමයට මෙම වාහන කුලියට ගෙන තිබේ.
මේ අනුව, වාහන භාවිත කළේ කුමන ජනාධිපතිවරු ද, ඔවුන් ගෙවිය යුතු මුදල කොපමණද, වාහන අංක ඇතුළු අදාළ තොරතුරු ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කරන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම ගෙවීම් පැහැරහැරීම මත නොගෙවූ මුදලට මාසිකව අය කළ යුතු ප්‍රමාද පොළිය 3%, 4% වන මුදල් අයකිරීමට අදාළ වාහන සමාගම් කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම ජනාධිපති වැය ශීර්ෂවලින් හිටපු ජනාධිපතිවරුන් කළේ කුමක්ද යන්න පිළිබඳව මෙහිදී ගැටලුවක් පැනනඟින බවද ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart