
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල දරු ප්රසූතියේදී පියවරුන්ට ප්රසූත කාමරය තුළ සිටීමට අවස්ථාව ලබාදීමට සූදානම් වෙයි.
රජයේ රෝහලක එවැනි වැඩසටහනක් ක්රියාත්මක කරන පළමු අවස්ථාව එය වනු ඇති.
එම වැඩසටහනේ කොටසක් ලෙස කාසල් වීදියේ කාන්තා රෝහලේ මාතෘ වාට්ටුවේ සෑම මවකටම වෙන වෙනම කාමර වෙන්කර ඇත.
මෙම වැඩසටහන හරහා මව්වරුන්ට සිය දරු ප්රසූතියේදී ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ද සිටිනා බැවින් සහයෝගීතාවයෙන් යුත් පරිසරයකදී දරුවාට උපත ලබාදීමට හැකියාව ලැබේ.
මෙම පහසුකම ඇතැම් පෞද්ගලික රෝහල්වල මේ වන විට ක්රියාත්මක කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart