
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයට ඊයේ උදෑසන බලපෑ රිච්ටර් මාපක 4.8 ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවේදී එම නගරයේ සංකේතයක් ලෙස සැලකෙන ලිබර්ටි ප්‍රතිමාව සෙලවීමකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.
මෙම සිදුවීම වාර්තා වන්නේ, ඉකුත් දා නිව් යෝර්ක් නුවරට බලපෑ වැසි සහ කුණාටු තත්ත්වයක් අතරතුර ලිබර්ටි ප්‍රතිමාවට අකුණක් ද වැදී තිබූ පසුබිමක් තුළ වීම විශේෂත්වයක්.
වීඩියෝ දර්ශන මගින් පෙන්නුම් කරන පරිදි නිව් ජර්සි ප්‍රාන්තයේ කැලිෆෝන් ආසන්නයේ එම භූමිකම්පාව සිදුවන විට නිව් යෝර්ක් නගරයේ පිහිටි ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙන අයුරු නිරීක්ෂණය වන බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
ඒ අනුව, ඇතැමෙක් සමාජ මාධ්‍ය තුළ පළකර තිබුණේ ලිබර්ටි ප්‍රතිමාව කටුක අත්දැකීම් සහිත සතියක් ගතකර ඇති බවයි.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව ආසන්න වශයෙන් පුද්ගලයින් මිලියන 42 කට පමණ භූමිකම්පාව දැනී ඇත.
එහි බලපෑම දකුණු දිගින් වොෂින්ටන් දක්වාත් උතුරින් නිව්යෝර්ක් – කැනඩා දේශසීමාව දක්වා එල්ල වී තිබේ.
භූ කම්පනයේ කම්පන තත්ත්වය නිසා හටගත් සෙලවීම තත්පර කිහිපයක් පැවතුණු බව ද සඳහන් වේ.
නිව් යෝර්ක් නගරයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් වාර්තා නොවේ.
එහෙත් නෙවාක් නගරයේ ගොඩනැගිලි 03 ක් අනාරක්ෂිත බව ප්‍රකාශ කර ඇත.
ඉතිහාසය තුළ නිව් යෝර්ක් නගරයට බලපෑ ප්‍රභලතම භූ කම්පනය වාර්තා වන්නේ 1884 වසරේදීයි.
එහි ප්‍රභලත්වය රිච්ටර් මාපක 5.2 ක්.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart