
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැයි 9 දා අරගල සිද්ධියෙන් පසු ස්ථාන මාරු දී ඇති පොලිස් ස්ථානාධිපතිවරුන් පස්දෙනකුට ඔවුන් මීට පෙර සිටි පොලිස් ස්ථානවලට සමාන්තර පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (5) දන්වා සිටියේය.
අධිකරණයට පොරොන්දු වී ඇති පරිදි ජ්‍යෙෂ්ඨත්වය අනුව පොලිස් ස්ථාන ලබානොදීමෙන් අධිකරණ නියෝගය හෑල්ලුවට පත්කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය පොලිස්පතිවරයා දෝෂාරෝපණයට ලක්කිරීමෙන් අනතුරුව මේ දැනුම්දීම කරන ලදී.
ස්ථාන මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් පස්දෙනකු ඉදිරිපත් කළ මෝසමක් කැඳවූ අවස්ථාවේ මීට පෙර කළ නියෝගය අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පෞද්ගලිකවම අධිකරණය පෙනීසිටි අවස්ථාවේ අගවිනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේය.
අධිකරණයට දුන් පොරොන්දුව ක්‍රියාත්මක නොකළ හැකි නම් ඒ පිළිබඳ මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණත්, එසේ නොකර මඟහැර සිටීම වැරදි සහගත බවද අගවිනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මේ මෝසම් කැඳවනු ලැබිණි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එහිදී කරුණු දක්වමින් ස්ථාන මාරු කරන ලද තම සේවාදායකයන්ට සුදුසු පොලිස් ස්ථාන දෙන බවට වගඋත්තරකරුවන් මීට පෙර අධිකරණය හමුවේ සමථයක් ඇති කරගෙන තිබූ නමුත්, මෙතෙක් ඒ අනුව කටයුතු කර නැති බවට චෝදනා කළේය.
මේ පොලිස් ස්ථානාධිපතිවරුන් මන්නාරම, වවුනියාව, කොඩිකාමම්, කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශවලට ස්ථාන මාරු කිරීමට කටයුතු ඇති අතර, එය පළිගැනීමේ චේතනාවෙන් සිදුකර ඇති තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
මෙහිදී අග විනිසුරු ජයන්ත ජයසූරිය විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති කරගත් එකඟතාව වගඋත්තරකරුවන් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයට ලක්කළේය.
අධිකරණය හමුවේ සමථයක් ඇති කරගත් විට එය ක්‍රියාත්මක කිරීමට පාර්ශ්වකරුවන් වගබලාගත යුතු බව අගවිනිසුරුවරයා පෙන්වාදුන්නේය.
එය ක්‍රියාත්මක කළ නොහැකි නම් මෝසමක් ඉදිරිපත් කර නොපමාව ඒ පිළිබඳ අධිකරණය දැනුවත් කිරීමට කටයුතු කළ බවත් අගවිනිසුරුවරයා සඳහන් කළේය.
පෙත්සම්කරුවන්ට ඔවුන් කළින් රාජකාරි කළ පොලිස් ස්ථාන ලබාදීමට නොහැකි නම්, ඊට සමාන්තර පොලිස් ස්ථාන ලබා දිය යුතු බව අගවිනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති කරගත් සමථය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ උද්ගත වූ පරිපාලන අර්බුදකාරි තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් බව පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න එහිදී සඳහන් කළේය.
කෙසේවෙතත් පෙත්සම්කරුවන්ට ඔවුන් කළින් සේවය කළ පොලිස් ස්ථානවලට සමාන්තර පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.
මේ මස 18 දා පැවැත්වෙන ජාතික පොලිස් කොමිසමේ රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කටයුතු කරන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
අධිකරණය හමුවේ පළකරන මේ එකඟතාව ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා මේ මෝසම ඉදිරි දිනයක කැඳවන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ මෝසම ලබන 29 දා මේ කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද නියෝග කළේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart