
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජපක්ෂවරුන්ට තමන් කිසිසේත්ම සහයෝගය නොදක්වන බව සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් පවසයි.
තවමත් කවර මැතිවරණයක් පැවැත්වෙනු ඇද්දැයි නිශ්චිත නොමැති බැවින් මැතිවරණය නිවේදනය කළ පසුව කවර පාර්ශ්වයකට සහයෝගය ලබා දෙන්නේද යන්න පිළිබඳව තීරණය කරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ රාමසාන් සමය වෙනුවෙන් කොළඹදී ජනතාව වෙත වියළි ආහාර බෙදාදීමකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවට ගරු කරන බව කී මන්ත්‍රිවරයා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්ද දැනට හෙළිව ඇති තොරතුරු අනුව එම ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතියේ ඉදිරියට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.
ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්විය යුතු අතර එය කිසිදු ආකාරයකින් වෙනස් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බවත් එය වෙනස් කිරීමට උත්සාහ දැරුවහොත් රට විශාල අගාධයකට ඇදවැටෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart