
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් ලෝක වාර්තා මගින් 2022 දී සහතික කරන ලද වෙනිසියුලානු ජුවාන් විසෙන්ටේ පෙරෙස් මෝරා මියගොස් තිබේ.
වයස අවුරුදු 114ක් වූ ඔහු ඊයේ මියගිය බව එරට බලධාරීන් සහ ඥාතීන් තහවුරු කර තිබේ.
“ජුවාන් විසෙන්ටේ පෙරෙස් මෝරා වයස අවුරුදු 114 දී සදාකාලිකත්වයෙන් මිදී ගියා ,” යනුවෙන් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් පැවසීය.
ගිනස් සඟරාවට අනුව පෙරේස් 2022 පෙබරවාරි 4 වැනි දින වයස අවුරුදු 112යි දින 253ක් වූ විට ජීවතුන් අතර සිටින වයස්ගතම මිනිසා ලෙස නිල වශයෙන් තහවුරු විය.
දරුවන් 11 දෙනෙකුගේ පියකු වන ඔහුට 2022 වන විට මුණුබුරන් 41ක්, මී මුණුබුරන් 18ක් සහ මී මුණුබුරන්ගේ දරුවන් 12 දෙනෙක් සිටියහ.
‘විසෙන්ටේ මාමා’ ලෙස ප්‍රකටව සිටි ගොවියකු වූ ඔහු 1909 මැයි 27 වැනි දින වෙනිසියුලා ඇන්ඩියන් ප්‍රාන්තයේ Tachira හි El Cobre නගරයේ උපත ලබා තිබුණේ දරුවන් 10 දෙනාගෙන් යුතු පවුලේ නවවැනියා ලෙසයි.
“වයස අවුරුදු පහේදී ඔහු තම පියා සහ සහෝදරයන් සමඟ කෘෂිකර්මාන්තයේ නියැලීමට පටන් ගත් අතර උක් සහ කෝපි වගාවන් සඳහා සහාය වී තිබිණි,” යනුවෙන් 2022 දී ගිනස් තැබූ ප්‍රකාශයකින් කියැවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart