
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයනේ අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ සිටින පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (HE. Zuhair M.H. Dar Zaid) වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහසක් අනුව ආරම්භ වූ ගාසාහි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත මේ වන විටත් පරිත්‍යාගශිලි බොහෝ පිරිසක් අරමුදල් බැර කර තිබේ.
එමෙන්ම මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීම වෙනුවෙන් අමාත්‍යාංශ සහ රජයේ ආයතන විසින් වෙන්කර තිබූ ප්‍රතිපාදන ද මෙම අරමුදල වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව අරමුදල වෙත ලැබුණු ඇමරිකන් ඩොලර් මිලියනයක මුදල මෙලෙස පළමු අදියර යටතේ පලස්තීන රජය වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.
එසේම “Children of Gaza Fund” අරමුදලට දායක වන ලෙස මෙරට පරිත්‍යාගශිලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදුකළ ඉල්ලීම පරිදි රුපියල් මිලියන 20කට අධික මුදලක් මේ වන විට අරමුදල වෙත ලැබී ඇති අතර එම මුදල් ද ඉදිරියේ දී පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීමට නියමිතය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart