March 23, 2024

පොලිතින් බෑග් නොගන්නා රෙදිපිළි පාරිභෝගිකයන්ටත් මුළු බිලෙන් සියයට එකක වට්ටමක් ලබාදෙන ලෙස පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව දිවයිනේ ප්‍රධාන පෙළේ රෙදිපිළි අලෙවි ආයතනවලට ඊයේ (22) නිර්දේශ කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් දැනුම් දෙන ලෙස එම ආයතන කාරක සභාවට දැනුම් දුන් බවයි.

මේ අතර පොලිතින් බෑග් නොගන්නා පාරිභෝගිකයන්ට රුපියල් පහක වට්ටමක් ලබාදීමට ප්‍රධාන වෙළෙඳසැල් (සුපර් මාර්කට්) හිමිකරුවෝ එම කාරක සභාව හමුවේ එකග වූහ.

පරිසරය, ස්වභාවික සම්පත් තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්විය.

මේ අතර ප්ලාස්ටික් බෝතල්වලට කිව්.ආර්. කේතයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අධිකාරියේ ප්‍රධානීන් සහ ජලය සහ බීම වර්ග නිෂ්පාදකයන් එම කමිටුව හමුවට ලබන 02 වැනිදා කැඳවා ඇත.(ලංකාදීප)