
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 470කට වඩා වටිනා අති නවීන දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් 157 ක් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික පවුලක් විසින් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන ලදී.
සීදූව සුපුවත් අරණ හි අධ්යක්ෂ සහ නිර්මාතෘ ඩැරල් කූංහේ, පියතුමාගේ ඉල්ලීම පරිදි මෙම පරිත්‍යාගය සිදුකර ඇත.
මෙම පරිත්‍යාග උත්සවය අද (21) වැලිසර කොළඹ ලොජිස්ටික් ටර්මිනල්ස් (පෞද්ගලික) සමාගමේදී සිදුවිය.
මීගමුව, රාගම ශික්ෂණ රෝහල, හලාවත, පුත්තලම, සීදූව, ගම්පහ, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල ඇතුළු රෝහල් 34ක් පුරා මෙම ඇඳන් 157 බෙදාහැරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, කැනඩාවේ වෙසෙන පැට්රික් නිල්කමල් ප්‍රනාන්දුට සහ ඔහුගේ පවුලේ අයට ඉතා අවශ්‍ය මොහොතක සිදුකළ මෙම පරිත්‍යාගය වෙනුවෙන් සිය කෘතඥතාව පළකළේය.
අති නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම ඇඳන් රටේ ප්‍රතිකාර හැකියාවන්හි සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරන බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart