March 21, 2024

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්ද 42 කින් පරාජයට පත්විය.

දින තුනක විවාදයකින් අනතුරුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

මන්ත්‍රීවරු 117 දෙනෙකු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරු 75 දෙනකු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.