
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිසියේ හේතුරහිත ඉල්ලීම්වලට නියෝග නිකුත් කිරීමට “මහේස්ත්‍රාත්වරයා පොලිසියේ රබර් මුද්‍රාව නොවේ” යැයි රන් සොරකම් නඩුවක සැකකරුවන් දෙදෙනකුගේ විදේශ ගමන් තහනම් කරන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් ඉවත දමමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (20) පැවැසීය.
අදාළ චෝදනාවන්ට ඔවුන් සැකකරුවන් ලෙස නම්කර ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම නිසා ඔවුන් අත්අඩංගුවට නොගන්නා බව එමගින් හැඟී යන්නේ යැයි ද සඳහන් කළේය.
2016 සහ 2019 අතර කාලයේ සිදු වූ රත්තරන් සොරකමක් සම්බන්ධයෙන් සැකකෙරෙන දෙදෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත්, ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඒ අවස්ථාවේ දී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා, 2016-2019 අතර කාලයේ තුළ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් කරන විමර්ශනවලට 2024 ජනවාරි පළමුවැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා කාලයේ දුරකථන වාර්තා කැඳවන්නේ කුමන හේතුවක් නිසා දැයි ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැඩිදුර විමර්ශනය සඳහා විමර්ශන බාර නිලධාරීන්ට මෙම තොරතුරු අවශ්‍ය වී ඇතැයි කීය.
පොලිසිය ඉදිරිපත් කළ කරුණු නියෝගයක් නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර, ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමට නියෝග කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart