
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සුබ පැතුම් එක් කර තිබේ.
ඒ ඉකුත් දා පැවැති ජනාධිපතිවරණයෙන් පුටින් ලද අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුවයි.
සිය X ගිණුම හරහා පණිවිඩයක් යොමු කරමින් අග්‍රාමාත්‍ය මෝදි රුසියානු ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ ඉන්දියාව සහ රුසියාව අතර උපායමාර්ගික හවුල්කාරිත්ව සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව ඉදිරි වසර කිහිපයේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත.
ඉන්දියාව සහ රුසියාව යනු සමීපතම මිත්‍රපාර්ශවීය රටවල් 02 ක්.
යුක්‍රේනය යුද්ධය හමුවේ එම මිතුරු හවුල තවත් ශක්තිමත් විය.
යුක්‍රේනය යුද ගැටුම් නිමා කිරීමටත්, ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාව වෙත අවස්ථා කිහිපයකදී යෝජනා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart