
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වී.අයි.ලෙනින් කියූ සේ සියවස් ගණනාවක් වෙනුවෙන් රට හැදීම සඳහා වැඩකරන දශකය ගෙවෙමින් පවතින බවත්, වේගයෙන් ඉදිරියට යන්නේ නම් 2048ට පෙර රට ණය බරින් නිදහස් වීම අනිවාර්ය බවත් කම්කරු හා විදේශ අමාත්‍ය මනූෂ නානායක්කාර අද (16) පොළොන්නරුවේදී පැවසීය.
නුදුරේදීම ශ්‍රී ලංකාවට හිමි වන ඩොලර් ප්‍රමාණය රුපියල් බිලියන 10 ඉක්මවීමට නියමිත බව එහිදී කී අමාත්‍යවරයා විදේශගත ශ්‍රමිකයන්ගේ සහායෙන් රටට මෙම තත්ත්වයට ළඟා වීමට හැකි වූ බවද සඳහන් කළේය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන් මාලාවේ පුලතිසිපුරවර වැඩසටහන අද (16) උදෑසන පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
විගමණික සේවක සේවිකාවන් ඇගයීම, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, අමාත්‍යාංශයේ ‘ගරුසරු’ වැඩසටහනට සමගාමීව අසංවිධිත වෘත්තීන්වල ජාතික මණ්ඩල පත්කිරීම, කම්කරු දෙපාර්තමේන්තු නීති වෙනස් කිරීම හා මිනිස් වෙළඳාම යනාදී කාරණා පිළිබඳව දැනුවත් කිරීම, මාධ්‍යවේදීන් දැනුවත් කිරීම, බලපත්‍රලාභී රැකියා ඒජන්සි සමග සම්බන්ධ වීමේ අවස්ථා ලබාදීම, තරුණ තරුණියන් හෙට වැඩ ලෝකයට දැනුවත් කිරීම, ශ්‍රම වාසනා වැඩසටහනින් වැඩ කරන අයගේ දරුවන්ට පාසල් කට්ටල ලබා දීම, තෝරාගත් පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබාදීම යනාදී කටයුතු ගණනාවක් මෙම වැඩසටහන පැවැත්වෙන අද සහ හෙට යන දෙදින තුළදී සිදුකෙරේ.
එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ පැවැසීය.
“මෙතන ඉන්න දුවලා පුතාලා ගෑස් නැතිව, කුප්පි ලාම්පුවෙන් පාඩම් කරපු, පිටිකිරි නැතිව හිටපු කාලය ගැන පළ වුණ වීඩියෝව දකින්න ඇති. මේ රටේ ඒ තත්ත්වෙ නැති කරගන්න පුළුවන් වුණේ මේ දරුවන්ගේ අම්මා තාත්තලා රට ගිහිල්ලා එවපු සල්ලි නිසයි. ඒ අය සල්ලි හරි මාර්ගයෙන් බැංකුවලට එවපු නිසයි. ඒ නිසයි අද තෙල්, ගෑස් පෝලිම් නැති කරගන්න පුළුවන් වුණේ. ඩොලර් බිලියන 8.1ක් අද රටට අපි ගෙනල්ල තියෙනවා. අපි අමාත්‍යාංශය භාර ගන්නකොට අමාත්‍යාංශය බිංදුවට වැටිලා තිබිලා, අද ඩොලර් බිලියන 9.6ක් මේ වෙනකොට රටට ගේන්න හැකි වෙලා තියෙනවා. මේ මාසෙදි මේ රටට එන මුදල් ඩොලර් බිලියන 10 ඉක්මවා යනවා. මේ රටට විදේශගත ශ්‍රමිකයො විදිහට රටට ලබා දීපු දායකත්වය වෙනුවෙන් අද එම ශ්‍රමිකයන්ට, ඔවුන්ගේ දරුවන්ට, විගමණික සංගම්වල සාමාජිකයින්ට, සියලු විගමණික පවුල්වලට රටක්, ජාතියක් විදිහට අපේ උත්තමාචාරය අපි පුදකරනවා.
වී.අයි. ලෙනින් කියන්නෙ රුසියාවේ අද තියෙන දියුණුවට, එදා රුසියාව ගොඩනගන්න හේතු වුණ ඒ රටේ සමාජවාදී ව්‍යාපාරයට මූලික හයියක් දීපු නායකයා. ලෙනින්ව දේවත්වයෙන්, බුදුන් සේ අදහන පිරිසක් අද ලංකාවෙත් ඉන්නවා. ඒ ලෙනින් කියනවා “මේ ලෝකේ කිසිවක් නොවෙන වසර දහස් ගාණක් තියෙනවා වගේම සමහර දශක තියෙනවා ශතවර්ෂ ගණනාවකට මිනිස් සංහතිය වෙනුවෙන් වැඩ සිද්ධ වෙන.” යනුවෙන්. දාර්ශනිකයෙක් විදිහට වී.අයි. ලෙනින් කියපු දේ පිළි නොගන්න අපි කුහක වෙන්නේ නෑ. ඔහුගේ දේශපාලන මතය ලංකාවේ මොන අය දැරුවත් හරි දේ හරි විදිහට පිළිගන්න අපි කුහක වෙන්නේ නෑ. අපි ඒ තරම් ස්මාට්. අපි ඒ වගේ දේවල් පිළිගන්න විවෘතයි. ඒ දේවල් පිළිගෙන රට ඉස්සරහට ගෙනියන ගමන තමයි අද අපි ආරම්භ කරලා තියෙන්නේ. ලෙනින්ව අදහන, එතුමා වෙනුවෙන්ම තොප්පි දාන, ටීශර්ට් දාන අයටත් පාට අඳින අයටත් නොතේරෙන දේ තමයි මේ වැඩ කෙරෙන දශකය. තවත් ශතවර්ෂ ගණනාවකට රට වෙනස් වෙන දශකය තමයි මේ. ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලංකාවේ ආර්ථිකය වෙනස් වුණ වේගය, කඩන් වැටුණ තැනින් සංවර්ධනය වුණ හැටි, රට ගොඩනැගුණු විදිහ ආශ්චර්යයක් කියා කියලා තිබුණා. මේ කලාපය භාර ඇමරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්තුමා ලෝකයට උදාහරණයක් හැටියට පෙන්නලා දුන්නා ලංකාවේ මේ වෙච්ච වෙනස්කම් ටික. කොරෝනා, ආර්ථික ව්‍යසනය මේ සියලු දෙයින් වැටිලා තිබුණ රට ඉතාමත්ම ඉක්මනින් ගොඩ ඒමට හැකි වුණා ලෝකෙට උදාහරණයක් වෙමින්. රට සල්ලි බාගේ ගැවසෙන, තෙල්, බෙහෙත් ටික අතට එන්න පුළුවන් තත්ත්වෙට අද පත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. සමහරු කියනවා විදේශ ණය අපි තාම ගෙවන්න අරන් නෑ, ඒ නිසා තමයි ඩොලර් එක මේ ගාණට තියාගන්න පුළුවන්, ඒ වගේම ඩොලර් එක රුපියල් 700ට, 500ට යයි කියලා. මම ඊයේ ෆේස්බුක් පෝස්ට් එකක් ශෙයා කළා හිටපු විගණකාධිපතිතුමා කියනවා 2022 දෙසැම්බර් වෙනකොට ඩොලරය රුපියල් 500ට යෑමේ අවදානමක් තියෙනවා කියලා. ඩොලරය රුපියල් 290ට ඊයේ අඩු වුණා. අපි ණය ගෙවන්නේ 2027 ඉඳලා. ඒ වෙනකොට අපි ශක්තිමත් වෙලා, රටේ ආර්ථිකය ගොඩනගලා, ඕනතරම් සංචිත හදලා තමයි ණය ගෙවන්න පටන්ගන්නේ.
ඒ නිසා ආයෙත් ඩොලරය උඩට යන්නේ නෑ. අපි මේ වෙනස දුරදිග බලලා කරන්නේ. අපේ විදේශගත ශ්‍රමිකයෝ දැවැන්ත හයියක් ලබාදෙන්නේ මේ රට ගොඩනගන වැඩපිළිවෙලටයි. මේ සියල්ල සිද්ධ වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක. ඒ ගිවිසුම් එක්ක. මේකට යන්න එපා කියලා පහුගිය දවස්වල මතකයි කෑගැහුවා. දැන් ඒ අය කියන්නේ සංශෝධන සහිතව සාකච්ඡා කරලා අපි ඉස්සරහට එකට යනවා කියලා. 88-89 කාලයේ ඉන්දියාව එපා කියලා, ඉන්දියානු විරෝධයක් හැදුවා. ඉන්දියානු පරිප්පු එපා, බොම්බයි ළුෑණු එපා, ඇඳුම් එපා කියලා කොයිතරම් ඉන්දියානු විරෝධයක් තිබුණද. දැන් ඒ අයට ඉන්දියාවෙන් අමූල්, ටාටා, අදානි ආවත් කමක් නෑ, අපේ ඉඩකඩම් ඉන්දියාවට දුන්නත් කමක් නෑ. ඉන්දියානු විරෝධය සහමුලින්ම නැතිවෙලා ගිහින්. හැබැයි ඉන්දියානු විරෝධය නිසා නැතිවෙච්ච ජීවිත ගාණ, මැරුණු තරුණ ජීවිත ටික, සංවර්ධන කටයුතු කරන්න බැරි වීම?? මේක බරපතල ප්‍රශ්නයක්. මේ කතා කරන්නේ මේ රටේ අනාගතය ගැන. මේ තමයි රටේ ආර්ථිකය. ස්මාට් වැඩ්ඩන් හදද්දි අපිට සිද්ධ වෙනවා අනාගත ලෝකය දිහා නිවැරදිව දකින්න හුරු කරන්න. හැමදාම මේ ඉතිහාසයේ සංවර්ධන ව්‍යාපෘති, පෞද්ගලික විශ්ව විද්‍යාල එනකොට, ආයෝජන අවස්ථා එනකොට කකුල් මාට්ටු දාලා කිසිම වැඩක් කරන්න දෙන්නේ නැතුව දැන් අවුරුදු 75කට බැන බැන රටේ මිනිසුන්ගේ මතය වෙනස් කරලා, මතය විකෘති කරලා, රට ඉස්සරහට යන්න දුන්නේ නෑ. ඒ නිසා තමයි අද මේ රට මෙතනට වැටිලා ඉන්නේ.
අපේ රටේ වාරි කර්මාන්තයේ ඉතාමත්ම සුවිශේෂී ස්ථානයක් තමයි පොළොන්නරුව. රට සහලින් පෝෂණය කරන්න, ස්වයංපෝෂිත කරන්න, රටේ ආර්ථික වර්ධන වේගයක් ඇති කරන්න පුළුවන් වුණේ මේ පින්සාර භූමියේ ඉඳගෙන. මහපැරකුම්බා රජ යුගයෙන් පස්සේ ඒ ඩී.එස්. යුගයේ 1947 එක්තරා කණ්ඩායම් මේ ව්‍යාපෘති කරනකොට රටේම බොරු ප්‍රචාර කියන්න පටන්ගත්තා පොල් ගෙඩි වගේ මදුරුවොන්ට මිනිස්සු බිලිදෙන්න යනවා කියලා. නමුත්, පොළොන්නරුව, ගොවි ජනපද ව්‍යාපාර හැදුණේ එතනින් නෙවෙයිද? සිරිමාවෝ මැතිනිය මහවැලි ව්‍යාපාරය හදනකොට ජේ.ආර්. ජයවර්ධන තමයි කඩිනම් මහවැලිය පටන්ගන්නේ. මේ විරෝධාකල්ප දක්වන පිරිස් හැමදාම ඉන්නවා. මහවැලි ව්‍යාපෘතියටත් ඔහොමයි. අද රටට සහල් දෙන්නේ මහවැලියෙන්. අද ගොවීන්ට ලොකු සහනයක් දෙන මට්ට්මට වී මිල නැගලා තියෙන්නේ. දඹුල්ලේ කණ්ඩලම හෝටලය හදන්න ගියාම කොයිතරම් නම් ඩෙඟා නැටුවද? කොයිතරම් නම් ගිනි තියාගන්න හැදුවද? අවසානයේ අද කණ්ඩලම හෝටලය පරිසරය සුරැකීමේ ආරක්ෂිත මධ්‍යස්ථානයක් විදිහට, ලෝකයේ පරිසර හිතකාමී හෝටලයක් විදිහට පත් වෙලා. අද එහි අවට පිරිස් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා. මේවා මම මතක් කළේ අපිට රටක් විදිහට ඉස්සරහට යනකොට හැම වෙලාවෙම විරුද්ධ වෙලා, උපවාස කරලා, රටේ වැඩකටයුතු නවත්තනවා. මේක අපි දැන් කල්පනා කරන්න ඕනේ. මේ වෙලාවේ අධ්‍යාපනයේ වෙනසක් සිද්ධ නොවුණොත්, අපේ දරුවොන්ගේ ඉඳලා මේ රවට්ටන විදිහට අහු නොවෙන්න පුරුදු නොවුණොත් මේක කරන්න බෑ.
රැවටීම් ගැන කියනකොට වඳ කොත්තු, වඳ යට ඇඳුම් කියලා මිනිස්සු රැවැට්ටුවා. මුස්ලිම් ජනතාවට කොයිතරම් හානියක් සිද්ධ කළාද? එහෙම රැවටෙන්නේ නැති වෙන්න අපේ දරුවො අපි ගොඩනගන්න ඕනේ. අපේ දරුවෝ විවෘත මනසින් ලෝකය දකින තැනට ගොඩනගන්න තියෙනවා. එතනට මේ දේශපාලන අවබෝධය ලබාදෙන්න, පක්ෂ දේශපාලනයෙන් තොරව දේශපාලනිකව හිතන්න, අපි අවබෝධයෙන් කල්පනා නොකළොත් අපිට ඉස්සරහට යන්න හම්බවෙන්නේ නෑ. බොරු කයිවාරු ගහලා, රටේ මිනිස්සු මුලාවේ දාලා, නොයෙක් බිල්ලෝ මවලා සිද්ධ කරන වැඩපිළිවෙළට විරුද්ධව ඉදිරි සංවර්ධනය කඩාකප්පල් කරන්න එන උදවියගෙන් මේ රට බේරගෙන ඉදිරි සංවර්ධනය ගෙනියන්න කාර්යක්ෂම අරගලයයි මේ පටන් අරගෙන තියෙන්නේ. මේ අරගලයට අපි දැන් විසඳුම් දීලා හමාරයි. ඉදිරිය මේ රට ජයග්‍රහණය කරා යනවා. ඒකට තමයි අපි මේ ඇත්ත කියලා හැබෑ අරගලයේ පෙරගමන්කරුවෝ බවට පත්වෙන්නේ. මේක වෙනස් කරන්න අතට ගත්තු ජනාධිපතිතුමා, මේ රාජ්‍ය නිලධාරීන් තමයි මේ අරගලය ඉස්සරහට අරගෙන යන්නේ. රටේ ආර්ථික ප්රශ්නය විසඳන අරගලය තමයි අපිට තියෙන්නේ. ඒක ස්මාට් අරගලයක්. ඒ ස්මාට් අරගලයයි අපි මේ කරන්නේ. එහෙම නැතුව කයිවාරු ගහ ගහා, බස් ගිනි තිය තිය, මන්ත්‍රීවරු මර මර, ගෙවල් ගිනි තිය තිය කරන අරගලයක් නෙවෙයි. මිනිසුන් සහ දරුවන් නූතන වැඩ ලෝකයට ගැලපෙන අය බවට පත් කරලා, අපේ ශ්‍රම බලකාය ශක්තිමත් කරන එක අපේ අරගලය. එහෙම නැතුව රැස්වීම් තියලා කෑගැහුවා කියලා රටේ මිනිසුන්ගේ සැබෑ ජීවන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බෑ. මේ අපි කරන්නේ අන්න ඒ සැබෑ අරගලය. එදා ෆ්‍රී වයිෆයි දෙනකොට කෑ ගැහුවා, ටැබ් දෙනකොට ඒ නිසා වඳ වෙනවා කියලා අපේ එක මන්ත්‍රීතුමෙක් කිව්වා. හැබැයි පහුගිය කොරෝනා කාලේ සූම් පන්ති තියන්න අපේ මේ පොළොන්නරුවේ දරුවන්ට හෑන්ඩ්ෆෝන් තිබුණේ නෑ. දරුවො කොච්චර අධ්‍යාපනයෙන් කඩාගෙන වැටුණද? පාසල් දරුවො හැම කෙනෙක්ම ටැබ් එකක් අතේ තියන් පාසල් යන තැනට පත් කරන්න පුළුවන් වුණා නම් මේ ප්‍රශ්න එන්නේ නෑ. අනාගතේදීත් මේවා විහිළුවට ගනියි. විරුද්ධ වෙයි. හැබැයි කයිවාරුකාරයොවත් වැරදි මත පතුරලා සමාජය වෙනස් කරන අයවත් නෙවෙයි, රට හරි විදිහට ස්මාට්, දියුණු රටක් බවට පත් කරන්න දරුවනුත් වැඩිහිටියනුත් එකතු වෙන්න ඕනි. මනසිනුත් ස්මාට් වෙලා අපි ඉස්සරහට යන්න ඕනි. 2048ට යනකොට පාට, පක්ෂ, ආගම්, කුලමල භේදයෙන් බෙදෙන්නේ නැතුව මේ වේගෙන්ම මේ වැඩපිළිවෙළ ඉස්සරහට අරගෙන ගියොත් 2048 දක්වා ආයෙ ඉතින් කාටවත් අවකාශයක් නෑ. ඊට කලින් මේ රට ණය ගෙවලා ඉවර කරපු සංවර්ධිත රටක් බවට පත් කරන්න අපිට අනිවාර්යෙන්ම පුළුවන්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart