
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින්, 2024 වසර සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලයට කරන ලදැයි කියන වැරදි පත්කිරීම් නිවැරදි කරන ලෙස කොළඹ-7 රාජකීය විද්‍යාලයට නියෝග කර ඇත.
2024 වසර සඳහා වූ ශිෂ්‍ය නායක පත්වීම්වලින් තම අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් රාජකීය විද්‍යාලයේ සිසුන් ගොනුකළ පැමිණිලි 07කට අනුව මානව හිමිකම් කොමිෂන් සභාව මෙම නියෝගය ලබාදී ඇත.
මානව හිමිකම් කොමිසම, රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා, ජාතික පාසල් අධ්‍යක්ෂවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා උපුටා දක්වමින් පැමිණිලිවල පිටපත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන ඇමැතිවරයා සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත යවා ඇත.
කොමිසමේ සාමාජික විනිසුරු L.T.B. දෙහිදෙණිය ඊයේ (මාර්තු 15) මූලික පැමිණිලි විමර්ශනය කර ඇති අතර අහඹු ලෙස ලබාගත් ශිෂ්‍ය නායක පත්වීම් දෙකක සහ ප්‍රතික්ෂේප වූ දෙකක පත්වීම් නිර්ණායක පරීක්ෂා කර තිබේ.
රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් ලෙස පත්කළ දෙදෙනකුගේ අවශ්‍ය නිර්ණායක පිළිපැදීමේ අක්‍රමිකතා සහ අසාර්ථකත්වය කොමිසම එහිදී නිරීක්ෂණය කර ඇත.
එසේම ශිෂ්‍ය නායකයන් ලෙස පත්වීමට සුදුසුකම් ලැබූ දෙදෙනකුගේ ස්ථාන ප්‍රතික්ෂේප කර ඇති බවද කොමිසම අනාවරණය කරගෙන ඇත.
මූලික පරීක්ෂණයෙන් පසු, සිසුන් පිරිස විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් වැරදි පත්වීම් නිවැරදි කර කාරණය සමථයකට පත්කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව කොමිසමේ පෙනීසිටි පාසල් නියෝජිතයාට නියෝග කර ඇත.
අදාළ ගැටලුව සමථයකට පත්කිරීමට පාසල අපොහොසත් වුවහොත් විදුහල්පතිවරයා ඇතුළු පාර්ශවයන් කැඳවා පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව කොමිසම දැනුම් දී ඇත.
වැඩිදුර විභාගය මාර්තු 20 වැනිදාට කල්තබා තිබේ.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart