
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහමෝදර රෝහලේ අක්කර 10කට වැඩි ප්‍රමාණයක් සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදාගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
බදාදා (13) සවස ගාල්ලේ පැවැති රැස්වීමක් අමතමින් ජනපති වික්‍රමසිංහ කියාසිටියේ, සියලුම රාජ්‍ය ආයතන ගාලු කොටුවෙන් ඉවත් කර එම ගොඩනැගිලිවල ඓතිහාසික වටිනාකමක් සහිතව හෝටල් සහ ආපනශාලා ස්ථාපිත කරන බවයි.
“ඕනෑ තරම් සංචාරකයෝ එනවා. අපි එයාලට කාමර හොයන්න ඕන. ඔබ පදිංචිව සිටින්නේ ගාල්ලේ නම් සහ ඔබට නිවසක් තිබෙනවා නම් එම නිවස විදේශිකයන්ට කුලියට දෙන්න, වෙනත් ස්ථානයක පදිංචියට යන්න ”ඔහු පැවසීය.
ගාල්ල දකුණේ සංචාරක කේන්ද්‍රස්ථානය බවත් එහි සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට රාජ්‍ය ආයතන සතු දේපළ භාවිත කළ යුතු බවත් ජනපති වික්‍රමසිංහ එහිදී පැවැසීය.
“බන්ධනාගාරයද මාරු කළ යුතුයි. අතර සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart