
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හම්බන්තොට අන්තර්ජාතික වරායට ඉකුත් ජනවාරි සහ පෙබරවාරි මාසවලදී මගීන් 6,000 කට අධික පිරිසක් රැගත් නෞකා 06 ක් පැමිණ ඇතැයි බව එම වරාය පවසයි.
එලෙස පැමිණි නෞකා අතරින් විශාලතම නෞකාව වන, හම්බන්තොට/කොළඹ සහ තායිලන්තයේ ෆුකෙට් අතර යාත්‍රා කළ Celebrity Millennium නෞකාව පෙබරවාරි 14 සහ 26 යන දිනවල අවස්ථා දෙකකදී පැමිණි බව ද හම්බන්තොට අන්තර්ජාතික වරාය සඳහන් කරයි.
එමෙන්ම ෆුකෙට් බලා යාත්‍රා කළ The Silver Moon නෞකාව කොළඹ වරායේ සිට පෙබරවාරි 20 වන දා හම්බන්තොට අන්තර්ජාතික වරාය වෙත ලඟා වී තිබේ.
එමෙන්ම Wallis Futuna දූපත් රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කරන ‘A’ පන්තියේ මගී නෞකාවක් වන Le Jacques Cartier නෞකාව සහ මාලදිවයිනේ සිට පැමිණි Riviera නෞකාව, ඉකුත් ජනවාරි මාසයේදී හම්බන්තොට අන්තර්ජාතික වරාය වෙත ලඟාවී තිබේ.
Riviera නෞකාව හම්බන්තොට අන්තර්ජාතික වරායේ සිට ෆුකෙට් දක්වා යාත්‍රා කර ඇති අතර Le Jacques Cartier නෞකාව ගාල්ල, ත්‍රිකුණාමලය සහ කොළඹ වරායවලට ලඟාවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart