March 13, 2024

නිල ඇඳුමින් සැරසී මහාධිකරණයට යන අතරවාරයේදී සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබාගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන මුදාහැර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙලෙස මුදාහැර ඇත්තේ දොම්පෙ පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

සැරයන්වරයා මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිබූ ලේඛන දොම්පෙ පොලිසියේ වෙනත් නිලධාරීවරයකු යක්කල පොලිසියට ගෙන්වා යොමුකිරීමට කටයුතු කර ඇත.

යක්කල පොලිස් වසමේ නුවර පාරේ සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබාගැනීම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසී පුද්ගලයකු පැමිණ සිටින බවට යක්කල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වෙත යවා එහි රැඳී සිටි සැරයන්වරයා යක්කල පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.(ලංකාදීප)