
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 2ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පැවසීය.
ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
“පසුගිය කාලයේ කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ද විශාල අර්බුද රැසකට මුහුණ දුන්නා. නමුත් දැන් එම තත්ත්වය වෙනස් වෙමින් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය ද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල වැඩකොටසක් සිදු කරමින් සිටිනවා. ඒ හමුවේ රටේ ආර්ථිකය මෙන්ම කෘෂිකර්මාන්තයද පෙර තිබූ තත්ත්වයට වඩා වර්ධනයක් අත්කර ගනිමින් තිබෙනවා. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අපේ ගොවි ජනතාවගේ අස්වැන්න වැඩි කර ගැනීමද ඉතා වැදගත්. ඔවුන් මාස කිහිපයක් තිස්සේ දැඩි වර්ෂාවකට මුහුණ දුන්නා. එහිදී ගංවතුර තත්ත්වය නිසා ගොවීන්ගේ අස්වැන්නට හානි සිදුවෙයි කියා සැකසංකා ඇතිව තිබුණත්, මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව මාස් කන්නයේ සහල් මෙට්‍රික් ටොන් මිලියන 3.6ක අස්වැන්නක් ලැබීමට නියමිතයි. අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක්. ඒ අනුව මෙය සතුටු විය හැකි තත්ත්වයක් බව කිව යුතුයි.” යනුවෙන් එහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
“සාමාන්‍යයෙන් හෙක්ටයාරයකින් වී මෙට්‍රික් ටොන් 3000-4000ක් බලාපොරොත්තු වෙනවා. ඇතැම් පළාත්වල හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 12000ක අස්වැන්නක් ලැබී තිබෙනවා. මෙම අස්වනු ලබා ගැනීමට ගොවීන්ට තාක්ෂණය පවා ලබා දුන්නා. ඉදිරියේදී නියඟයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. එම නිසා හැකි තරම් ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුව තිබෙනවා. යල කන්නයේ හෙක්ටයාර් 512,000ක් වගා කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගා කටයුතු සඳහා ජලය පරිස්සමින් භාවිත කළ යුතුයි.” යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
වී වගාවට අමතරව මිරිස්, බණ්ඩක්කා, දෙළුම්, අඹ වැනි නව බෝග ප්‍රභේද රැසක් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කෘෂි පර්යේෂණ අංශ විසින් හඳුන්වා දීම ද සතුටට කරුණක් බවද කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පැවසීය.
“ඒ වගේම ජනාධිපතිවරයාගේ සහ කෘෂිකර්ම ඇමැතිවරයාගේ නිර්දේශ මත පර්චස් 10කට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 2ක උපරිම මුදලකට යටත්ව ප්‍රතිපාදන ලබාදීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232 මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර තිබෙනවා. ගොවිතැන් වගා කටයුතු අප රටේ වාරි පද්ධතිය සමඟ බැඳී තිබෙනවා. ගොවීන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව ලබා දීමේ අරමුණින් කුඩා වැව් ඇතුළු වාරි පද්ධතිය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 425ක් වෙන් කර තිබෙන බව පැවසිය යුතුයි.” යනුවෙන් ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart