March 12, 2024

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් 16 දෙනකුගෙන් සමන්විත සංචිතයේ උපනායකත්වය චරිත් අසලංකට හිමිව ඇත.

දෙරට අතර පළමු එක්දින තරගය හෙට පෙරවරු 9.30 චිතගෝන් හිදී ආරම්භ වේ.

මෙම සංචිතයට පන්දුවාර 20 තරගාවලියට ක්‍රීඩා කළ දසුන් ශානක, ධනංජය ද සිල්වා,නුවන් තුෂාර සහ ඇන්⁣ජලෝ මැතිව්ස් ඇතුළත් කර නොමැත.
එම සංචිතය මෙසේය;
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
සධීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
කමිදු මෙන්ඩිස්
සහන් ආරච්චිගේ
වනිදු හසරංග
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
අකිල ධනංජය
චාමික කරුණාරත්න
දිල්ෂාන් මධුශංක
ප්‍රමෝද් මධුෂාන්
ලහිරු කුමාර