
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අගමැති දිනේෂ් ගුණවර්ධන මාර්තු මස අවසානයේදී චීනයේ නිල සංචාරයක නිරතවීමට සූදානම් වන බව වාර්තා වෙයි.
බොහෝදුරට එම සංචාරය මාර්තු මස 25 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.
සිය චීන සංචාරයේදී අගමැතිවරයා චීන අගමැති ලී කියෑන්ග් (Li Qiang) සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව පැවසෙයි.
එම සංචාරයේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකට අදාළව ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට අපේක්ෂා කෙරෙන බව ද වාර්තා වෙයි.
කෙසේවෙතත් එලෙස අත්සන් තැබෙන ගිවිසුම්වලට අදාළ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
එම චීන සංචාරයේ නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැතිවරයාට උපදෙස් ලබාදී ඇති බව ද වාර්තා වේ.
චීනයේ රැඳී සිටින කාලය තුළ අගමැති දිනේෂ් ගුණවර්ධන බීජිං සහ ෂැංහයි යන නගරවල සංචාරය කිරීමට ද නියමිතව තිබේ.
එහිදී ඔහු ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට ද නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart