
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට 2021 වසරේ සිට බලාත්මක පිරිස් බල සැකැස්මක් නොමැති බවත්, ඒ සඳහා තාවකාලික සැකැස්මක් සකස් කරගෙන පසුගිය වසරේ මාස හයක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එය අනුමත කරගෙන ඇති බවත් වාර්තා වේ.
තොග ගබඩා පර්යන්ත සමාගමේ විධායක ශ්‍රේණි වෘත්තීය සමිති නියෝජිතයකු පැවසුවේ, අධ්‍යක්ෂක මණ්ඩල 236 -2023/7/5 දින මානව සම්පත් කාර්යාංශ අංක 13 පත්‍රිකාව මගින් එය අනුමත කරගෙන ඇති බවයි.
එසේම ඊට පෙර පැවැති 235 වැනි අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම මගින් මානව සම්පත් කාර්යාංශ අංක 10 පත්‍රිකාව යටතේ පිළිගත්, ස්වාධීන ආයතනයකින් මෙම පිරිස් බල සැකැස්ම සකස් කිරීමට අනුමත කරගෙන ඇති අතර ඒ සඳහා පෞද්ගලික ආයතන හතරක නම් ද අධ්‍යක්ෂක මණ්ඩලය මගින් තෝරාගෙන ඇත.
එසේ තිබියදී පසුගිය දෙසැම්බර් මස තාවකාලික පිරිස් බල සැකැස්ම කාලය අවසන් වීමෙන් පසු ද 2024 පැවති අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේ දී මානව සම්පත් කාර්යාංශ අංක 10 පත්‍රිකාව මගින් තවත් මාස හයක් සඳහා පිළිගත් පෞද්ගලික ආයතනයෙන් පිරිස් බල සැකැස්ම සකස් කරන තෙක් තාවකාලිකව අනුමැතියක් ලබාගෙන ඇති බව ද වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් පවසන්නේ එළඹෙන ජාතික මැතිවරණය ඉලක්ක කර ගනිමින් බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයාගේ නියාමනයන්ටද පටහැනිව වර්තමාන රජයට හිතෛෂී වෘත්තීය සමීති නායකයන්ගේ උවමනාවට ඥාතීත්වය මත සහ හිතවත්කම් මත වර්තමාන මානව සම්පත් කළමනාකාරවරයා අභ්‍යන්තරිකව ඇබෑර්තු සම්පූර්ණ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
පිරිස් බල සැකැස්මක් නොමැතිව පුරප්පාඩු පිරවීමට කටයුතු කළහොත් නීත්‍යනුකූල ආයතන වෙත පැමිණිලි කර මානව සම්පත් කළමනාකාරවරයාට එරෙහිව කටයුතු කිරීමට වෘත්තී සමිති කීපයක් සූදානම් වන බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart