March 7, 2024

පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා මාර්තු 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පැමිණිලිකරුට තර්ජනය කිරීම සහ බලපෑම් කිරීම යන චෝදනාව හේතුවෙන් වින්දිතයන් සුරැකීමේ පනතේ විධිවිධාන අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකළ බව පොලිසිය පැවසීය.

මෙම චෝදනා සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් මීට පෙර හිටපු ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා තිබිණි.

සිද්ධියෙන් පසු කුලියාපිටිය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විමර්ශනයක් ආරම්භ කළ අතර පසුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

මීට පෙර පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුට ඇප නියම කර තිබිණි.

මහේස්ත්‍රාත්වරයා හමුවේ නඩුව කැදවූ අවස්ථාවේදී පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස වින්දිත පොලිස් කොස්තාපල්වරියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කළ දැනුම්දීම අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.