
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විදුලි වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්රමයේ වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල විදේශ ප්‍රේෂණ විධිමත් බැංකු මාරුකිරීමේ පදනම මත විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විදුලි වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා 2022 අගෝස්තු මාසයේදී කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.
මෙම යෝජනා ක්රමයේ වලංගු කාලය 2024 ජූනි 30 දක්වා දීර්ඝ කිරීමට 2024 ජනවාරි මාසයේ පැවති කැබිනට් රැස්වීමේදී තීරණය විය.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කරන ලද 2024 අංක 2 දරන ආනයන අපනයන පාලන රෙගුලාසි ඉදිරිපත් කිරීමට මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart