
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව නැවතත් පැරණි සහනාධාර ක්‍රමයට නොයායුතු බවට හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අනතුරු අඟවා තිබේ.
ඉන්ධන, විදුලිය, පොහොර යනාදියට සහනාධාර දීම මගින් ශ්‍රී ලංකාව ආපස්සට ඇදදමන බවත් එය තිරසාර නොවන පියවරක් බවත් උත්සවයක් අමතමින් ආචාර්ය කුමාරස්වාමි පැවසුවේය.
“එය තිරසාර නැහැ. එහෙම කරන්න අපට මුදල් නැහැ. පිටරටින් මුදල් ණයට අරගෙන මේ වගේ දේවල් කරන එකෙන් වෙන්නේ ණය අර්බුදයකට මුහුණ දෙන එකයි. මොකද ඒ මුදල් ආපසු ගෙවන්න විදේශ විනිමය උපයා ගන්න හැකියාවක් නැති නිසා,” යැයි ඔහු පැවසීය.
දිළිඳුකම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ සමෘද්ධිය , අස්වැසුම වැනි මුදල් හුවමාරු කෙටි කාලීන ක්‍රම ලෙස භාවිත කළ හැකි බවයි.
‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කලින් නිර්දේශ වූ බවත් එම අවස්ථාවේ සිදුවෙමින් තිබූ කප්පාදුවලට මුහුණ දීමට ජනතාවට එය උපකාරයක් වීමට ඉඩ තිබූ බවත් ඔහු පැහැදිලි කළේය.
“එවෙලේ අපි ක්‍රියාත්මක කළේ නැහැ. දැන් එය දේශපාලනීකරණය වී තිබෙන බවක් පේනවා. එය ටිකක් අවුල් සහගතයි. අපි මේක හරියට කරන්න ඕන. නැවතත් අපි පරණ වැරදිවලටම ලිස්සා යමින් ඉන්නේ,” යැයි ඔහු පැවසීය.
සුභසාධන යෝජනා ක්‍රම විනිවිද පෙනෙන ආකාරයෙන් හඳුනාගෙන ඉලක්ක කර ගැනීමට ශ්‍රී ලංකාවට වඩා හොඳින් කටයුතු කළ හැකි බව ද ආචාර්ය කුමාරස්වාමි වැඩිදුරටත් පැවසීය.
තාක්‍ෂණයේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඔහු පැවසුවේ අද්විතීය ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වාදීම වැනි තාක්‍ෂණයට අඩුපාඩු විශාල ප්‍රමාණයකින් මගහරවා ගත හැකි නමුත් එවැනි දේ සඳහා සෑම අවස්ථාවකදීම ප්‍රතිරෝධයක් මතුවන බවයි.
වත්මන් අර්බුදයෙන් ශ්‍රී ලංකාවට ගොඩ ඒමට මෙම ක්‍රියාමාර්ග ඉවහල් විය හැකි බව ද හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart