
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ පවතින තත්ත්වය මත ඉදිරියේදී මැතිවරණයක් පවත්වනු ඇතිද යන්න විශ්වාසයක් නැති බව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමීන් වහන්සේ පැවසූහ.
රටේ ආර්ථිකය මෙපමණ කඩාවැටී තිබියදී මහ බැංකු සේවකයන්ගේ පමණක් වැටුප ඉහළ දමා තිබීම ද මේ මොහොතේ සුදුසු නොවන කරුණක් බව ද උන්වහන්සේ අවධාරණය කර තිබේ.
සමගි ජන බලවේගය පක්ෂය විසින් අන්තර්ජාතික කාන්තා දින සැමරුම් උත්සවය පෙබරවාරි විසිහතර වැනිදා මහනුවර මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි උභය මහාවිහාරීය මහානායක ස්වාමීන් වහන්සේ දැනුවත් කිරීමට ඊයේ (22) සමගි ජන බලවේගයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැමිණි අවස්ථාවේදී මල්වතු මහා විහාරීය මහානායක ස්වාමීන් වහන්සේ එසේ පැවසූහ.
එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා ඇත්තේ, අද වනවිට රටේ ජනාධිපතිවරයා හෝ රජය හෝ දේශපාලනඥයන් පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවයි.
එය ඉතාම භයානක තත්ත්වයක් යැයිද ඇය පවසා ඇත.
කන්ද උඩරට කාන්තාව පදනම් කර ගනිමින් මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සජිත් ප්‍රේමදාසට හැකි බවත්, එය සුවිශේෂී අවස්ථාවක් සේ සැලකිය හැකි බවත්, ඇය පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ කාන්තාවන් දසදහසක් පමණ මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිත බව ද ඇය සඳහන් කර ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart