
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාවතගම ප්‍රසිද්ධ පාසලක අද (22) සිදුකළ හදිසි සෝදිසියකදී උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු සතුව තිබී මත්වීම සඳහා භාවිත කරන නවතම වර්ගයේ උපකරණයක් සොයාගැනීමට හැකිවූ බව මාවතගම පොලිසිය පවසයි.
සාමාන්‍ය ප්‍රමාණයක සුවඳ විලවුන් බෝතලයකට සමාන හැඩහුරුවකින් යුත් මෙම උපකරණය තුළ අඩංගු ද්‍රව්‍ය පානය කිරීමෙන් මත් ගතියක් දැනෙන බව අත්අඩංගුවට ගත් සිසුන් ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි.
මාවතගම පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ දින පෙරවරුවේ එම පාසල හදිසි සෝදිසියකට ලක් කළ අවස්ථාවේදී පාසල් සිසුන් දෙදෙනාගේ පොත් බෑග තුළ සඟවාගෙන තිබූ මෙම උපකරණ හමුවී තිබේ.
එම සිසුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු අනුව ඔවුන්ට ඒවා අලෙවි කළ බව කියන මාවතගම නගරයේ ව්‍යාපාරික ස්ථානයක් වටළා සිදුකළ පරීක්ෂාවකදී එහි තිබූ එවැනිම තවත් මත් උපකරණ තුනක්ද පොලිසියට හමුවී තිබේ.
ඒ අනුව සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාව මත එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශයකින් ගෙන්වා ඇති මෙම මත්ද්‍රව්‍ය සහිත උපකරණය තුළ අඩංගු ද්‍රව්‍ය සිගරැට්ටුවකට සමාන ක්‍රියාකාරිත්වයකින් යුත් බවද, එහි සිගරැට් වල අඩංගු නිකොටින් තිබෙන බව ආවරණ වල සඳහන්ව ඇති බවද පොලිසිය පවසයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart