
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලය පැවති සමයේ මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ‘කෙලිග් ෆ්‍රේසර්’ නමැත්තියගේ වීසා අවලංගු කොට ඇයට රටින් පිටවිය යුතු යැයි ආගමන හා විගමන පාලකවරයා විසින් නිකුත් කරනු ලැබූ නියෝගය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
අදාළ කාන්තාවගේ නීතිඥවරුන් මාර්ගයෙන් ගොනුකළ පෙත්සම නිශ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාකරණ විනිසුරු මඬුල්ල රුපියල් 250,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසට පෙත්සම්කාරියට නියෝග කර ඇති බව ‘අද දෙරණ’ වාර්තා කර ඇත.
මහින්ද සමයවර්ධන, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිත ව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.
නේවාසික වීසා මත මෙරට රැඳී සිටි තමන්ට නිකුත් කර තිබූ වීසා බලපත්‍ර අවලංගු කළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් 2022 වසරේ අගෝස්තු මස 15 වැනි දාට පෙර රටින් පිටවන ලෙස තමාට නියෝග කළ බව පෙත්සම්කාරිය අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමේ සඳහන් කර ඇත.
ඉන් අනතුරු ව පෙත්සම්කාරිය විසින් ආගමන හා විගමන පාලකවරයාගේ තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳ සළකා බැලීමක් සිදුකළ අභියාචනාධිකරණය එය නිෂ්ප්‍රභ කළ බවත් ඇය සඳහන් කරයි.
ඉන් අනතුරු ව අභියාචනාධිකරණයේ එම නියෝගය නීතියට පටහැනි බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ඇය සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබිණි.
එම අභියාචනා පෙත්සම් විභාගයේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා සින් මූලික විරෝධතා මතුකරමින් අදාළ අභියාචනා පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ඇත.
මෙම පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් පෙත්සම්කාරිය සාවද්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඇය විසින් ඉදිරිපත් කර තිබෙන දිවුරුම් පෙත්සම නීතියට අනුකූලව ඉදිරිපත් කර නොමැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මතු කළ මූලික විරෝධතාවලින් කරුණු දක්වා තිබිණි.
එම මූලික විරෝධතා පිළිබඳ දීර්ඝ විභාගයක් සිදු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා පිළිගනිමින් අදාළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart