
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා ශ්‍රී ලංකාවේ ආන්දෝලනයට තුඩුදුන් ඉන්දියාවේ සංචාරක මාර්ග සංදර්ශනයක් අතරතුර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු අද පැහැදිලි කිරීමක් කළේය.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ඇමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ සතියේ සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
අද (21) පාර්ලිමේන්තුව අමතමින් ඇමැතිවරයා කියාසිටියේ, සිය ප්‍රකාශය සන්දර්භයෙන් බැහැර කර ඇති බවත්, සමාජ මාධ්‍යවල හෝ ජනමාධ්‍ය ආයතනවල පළ වූ විනාඩි 15ක කතාවක විනාඩියක් හෝ දෙකක් මෙයට හේතු වූ බවත්ය.
”ලංකා ඉතිහාසයේ ඉන්දියාවෙන් වැඩිම සංචාරකයන් පිරිසක් එන මොහොතක ඉතිහාසයේ ඉන්දියාව එක්ක තියෙන සම්බන්ධතාවය එක්ක බලනකොට Sri Lanka is a part of India කියන එක ව්‍යවස්ථානුකූලව වැරදි දෙයක් ලෙස අර්ථකථනය කරලා හම්පට්ට ගහන්න හදන අමු ගවයෙක් මේ පාර්ලිමේන්තුවේ හිටිය කියන එක මම මතක් කරන්න ඕන. ඒ ගැන මම කණගාටු වෙනවා.
මොකද ඒකට හේතුව එතුමාගේ දේශපාලනය ගැන හොයලා බැලුවොත් එහෙම එතුමා විසින් මේ රටේ මහතීර් මොහොමඩ්ලා, ලී ක්වාන් යූලා ගෙනල්ලා ලංකාව වට්ටපු වැට්ටිල්ල ගැන අපිට හොඳට ඒ අතීතය මතකයි. මේ කරන්නේ කුහකකමක්. මේ කරන්නේ ඉන්දියාවෙන් වැඩිම සංචාරකයන් එන මේ වේලාවේ මාව දඩමීමා කරගෙන එල්ලෙන්න තැනක් නැති වෙලාවේ දේශපාලන වශයෙන් වාසි අරන් කරන්නා වූ මහත් පහත් ක්‍රියාවක් හැටියට තමයි මම දකින්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart