
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිලිනොච්චි, මුලංකාවිල් පොලිස් ස්ථානයේ හට නිවසේදී බීමතින් පැමිණි පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයකුට පිහියකින් ඇනීමට උත්සාහ කිරීමේ දී එය පාලනය කිරීමට පැමිණි පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරීන් දෙදෙනකු කැපුම් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මුලංකාවිල් පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ කොස්තාපල්වරයා ද තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනවසරයෙන් රෝහලින් පිටව ගොස් ඇති අතර, එම විෂමාචාර ක්රියාව හේතුවෙන් සැකකාර කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක්කර ඇත.
පොලිස් කොස්තාපල්වරයා පසුගිය 15වැනිදා අලුයම බීමතින් සේවයට පැමිණ කොස්තාපල්වරයකු සමග බහින්බස් වී ඇති අතර පිහියක් රැගෙන ඔහු මරණ බවට තර්ජනය කර ගැටුමක් ඇති කරගෙන ඇති බව පොලිසිය පවසයි.
එම ගැටුම නැවැත්වීමට ස්ථානාධිපතිවරයා සහ පොලිස් නිලධාරීන් දෙදෙනකු එම ස්ථානයට පැමිණ ඇති අතර, සැකකාර කොස්තාපල්වරයා පාලනය කිරීමට ගිය ස්ථානාධිපතිවරයාගේ දකුණු අත කැපී ඇති අතර සැරයන් සහ කොස්තාපල්වරයා ද කැපුම් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි. (ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart