
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිල ඇඳුමෙන් සැරසී වේරහැර ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට ඇතුළු වී රුපියල් 2,240ක් වටිනා තේ කොළ පැකට් දෙකක් සොරාගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන පෙරේදා (14) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, මෝදර පොලීසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
මෙම සැකකාර පොලිස් කොස්තාපල් ඔහුගේ රියදුරු බලපත්‍රය සකස්කර ගැනීමට වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට ගොස් ඇති අතරවාරයේ මෙම සුපිරි වෙළෙඳසලට ගොස් තේ කොළ පැකට් දෙක සොරාගෙන ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප පුවත්පත’ට පවසා ඇත.
ඒ අවස්ථාවේ මෙය දුටු සුපිරි වෙළෙඳසලේ සේවකයන් මෙම කොස්තාපල් අල්ලාගෙන ඒ බව බොරලැස්ගමුව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගෙන තිබේ.
කොස්තාපල් විසින් සොරාගන්නා ලදැයි කියන තේ කොළ පැකට් දෙකද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම පොලිස් කොස්තාපල් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා, ඔහු කළේ යැයි කියන විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් වැඩ තහනම් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගනිමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart