
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මියගිය නැන්දම්මාගේ තුන් මාසයේ දානමය පින්කම වෙනුවෙන් ආධාර මුදල් එකතු කරමින් සිටි 38 හැවිරිදි කාන්තාවක රෙදි සාප්පුවක් තුළට ඇදගෙන ගොස් දූෂණය කළේ යැයි කියන හොරොව්පතාන නගරයේ පිහිටි එම රෙදි සාප්පුවේ අයිතිකරු හොරොව්පතාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (8) සවස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාව රෙදි සාප්පුව ඉදිරිපිටට ආධාර මුදලක් ලබාගැනීමේ අරමුණින් ගිය අවස්ථාවේ සැකකරු ඇය රෙදි සාප්පුව තුළට ඇදගෙන ගොස් දූෂණය කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීයෙක් ලංකාදීපයට පවසා ඇත.
කාන්තාව කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා රෙදි සාප්පුවේ අයිතිකරු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.
වැලිඔය ප්‍රදේශයේ සිට පැමිණ මෙම කාන්තාව සිය නැන්දම්මාගේ තුන් මාසයේ දානමය පින්කම වෙනුවෙන් ආධාර මුදල් එකතු කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.
දූෂණයකට ලක්වී යැයි කියන කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart