February 6, 2024

පසුගියදා පැවැති ‘උරුමය’ ඉඩම් බෙදාදීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව තමන් එම රාජ්‍ය උත්සවයට සහභාගි වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

ඒ පිළිබදව සඳහන් කරමින් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කර ඇත.

“මම ඉඩම් භාර හිටපු ඇමැතිවරයෙක් නිසා ජනාධිපතිතුමා සහ රජය මට ආරාධනා කළා. උත්සවයට සහභාගි වීම නිවැරදියි කියලා මට හිතුණා. යහපාලන ආණ්ඩුව කාලේ දුප්පතුන්ට ඉඩම් බෙදන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ මමයි. නමුත් එක්තරා පාර්ශ්වයක් උසාවි ගිහින් අපේ වැඩපිළිවෙළ නතර කළා. එම වැඩසටහනේ පුරෝගාමියෙකු ලෙස මට උත්සවයට ආරාධනා කළා. වැඩසටහනේ පුරෝගාමියා මම බව ජනාධිපති වික්‍රමසිංහ සහ වත්මන් ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන දෙදෙනාම පැවසුවා ”

එසේම, තමන් ආණ්ඩුවට කඩේ යන මන්ත්‍රීවරුන්ගෙන් කෙනකු බවට සමාජ මාධ්‍යවල පළවන තොරතුරු අසත්‍ය බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය