
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘චීනයේ නිෂ්පාදනය කර ඇත'(Made in China) යනුවෙන් ලොව පුරා අලෙවි කරන ව්‍යාජ ඇහිබැමි සැබවින්ම නිෂ්පාදනය කරන්නේ උතුරු කොරියාවේ බව අනාවරණය වේ.
උතුරු කොරියානු ව්‍යාජ ඇහිබැමි සැකසීම සහ ඇසුරුම් කිරීම මගින් කිම් ජොන් උන්ගේ පාලන තන්ත්රයට අන්තර්ජාතික සම්බාධක මගහැරීමට මගක් ලබාදෙන අතර එමඟින් වැදගත් විදේශ මුදල් ප්‍රභවයක් සපයයි.
චීනය පදනම් කරගත් සමාගම් උතුරු කොරියාවෙන් අර්ධ නිමි භාණ්ඩ ආනයනය කරන බවද වාර්තා සඳහන් කරයි.
මෙම වෙළඳාමට සෘජුවම සම්බන්ධ සමාගම්වල සේවය කරන පුද්ගලයන්ට අනුව නිමි ඇහිබැමි බටහිර, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු වෙළඳපොළ වෙත අපනයනය කරනු ලැබේ.
උතුරු කොරියාව දිගු කලක් තිස්සේ විග් සහ ව්‍යාජ ඇහිබැමි වැනි හිසකෙස් නිෂ්පාදනවල ප්‍රධාන අපනයනකරුවකු වී සිටී.
කොරෝනා වසංගතයෙන් පසුව, 2023 දී දේශසීමා නැවත විවෘත කරන විට උතුරු කොරියාව චීනයට සිදුකරන කරන අපනයන දෙගුණයකට වඩා වැඩි වූ බව චීන රේගු දත්ත පෙන්වාදෙයි.
උතුරු කොරියාවේ ප්‍රකාශිත අපනයන සියල්ලටම පාහේ ගමනාන්තය චීනයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart