
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය මධ්‍යම ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං ඊයේ (7) එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් හමුවිය.
ආරක්ෂක, ආර්ථික සහයෝගීතාව සහ සාමකාමී සහ ස්ථාවර ගෝලීය නීති මත පදනම් වූ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව සහ එක්සත් රාජධානිය එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
රාජ්නාත් සිං එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරතව සිටින අතර, එය වසර 20කට වැඩි කාලයකට පසු එක්සත් රාජධානිය තුළ ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයකුගේ පළමු සංචාරය වේ.
මීට පෙර, එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් සමඟ මධ්‍යම ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං, ජාතීන් දෙක අතර සබඳතා නංවාලීම සම්බන්ධයෙන් සාකච්ඡ පවත්වා තිබේ.
ආරක්ෂක ලේකම් ෂැප්ස් විසින් ඇමැති රාජ්නාත් එක්සත් රාජධානියට පිළිගත් අතර, නායකයන් දෙදෙනා එක්සත් රාජධානියේ-ඉන්දියාවේ ආරක්ෂක සහයෝගීතාවයන්ට එකඟ වූ බව නිල නිවේදනයක් මඟින් දක්වා ඇත.
ඉදිරි වසරවලදී, එක්සත් රාජධානිය සහ ඉන්දියාව සිය හමුදා අතර වඩාත් සංකීර්ණ අභ්‍යාස ආරම්භ කරන බවත්, වෙළඳ මාර්ග ආරක්ෂා කිරීම සහ අන්තර්ජාතික නීති රීති ආරක්ෂා කිරීම සඳහා සහාය වන බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart