
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපදය විසින් චීනය, උතුරු කොරියාව, පකිස්ථානය, කියුබාව, එරිත්‍රියාව, ඉරානය, නිකරගුවාව, පකිස්ථානය, රුසියාව, සෞදි අරාබිය, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ මියන්මාරය විශේෂයෙන් ආගමික නිදහස උල්ලංඝණය කිරීම්වල නිරත වීම සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන රටවල් ලෙස නම් කර ඇත.
මේ පිළිබදව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කර තිබේ.
මාධ්‍ය ප්‍රකාශයක, බ්ලින්කන් ප්‍රකාශ කළේ, “කොංග්‍රසය 1998 දී ජාත්‍යන්තර ආගමික නිදහස් පනත සම්මත කර බලාත්මක කළ දා සිට ආගමේ හෝ විශ්වාසයේ නිදහස ඉදිරියට ගෙනයාම එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ මූලික අරමුණ වී ඇත” යනුවෙනි.
ඇන්ටනි බ්ලින්කන් විසින් ඇල්ජීරියාව, අසර්බයිජානය, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොමරෝස් සහ වියට්නාමය ද “ආගමික නිදහස දැඩි ලෙස උල්ලංඝණය කිරීම්වලට සම්බන්ධ විශේෂ නිරීක්ෂණ ලැයිස්තු රටවල්” ලෙස නම් කර ඇත.
ආගමික නිදහස සැලකිය යුතු ලෙස උල්ලංඝණය කිරීම් නම් කර නොමැති ජාතීන් තුළ ද සිදුවන බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart