
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුලතිව් මුහුදු වෙරළේ පෙරේදා (28) සවස සංවිධානය කර තිබූ සරුංගල් සැළකෙළියක් සදහා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඊළාම් සිතියම සහ ධජය ඇතුළත් සරුංගලයක් නිර්මාණය කර ගුවනට යැවූ තරුණයකුට දැඩි ලෙස අවවාද කොට මුදාහැරිය බැව් මුලතිව් පොලිසිය කියයි.
මුලතිව් වෙරළට අලංකාරයක් එක්කරනු පිණිස ප්රදේශයේ තරුණයන් පිරිසක් සංවිධානය කර තිබූ මෙම සරුංගල් සැණකෙළිය සඳහා මුලතිව් දිස්ත්රික්කයේ බාල මහලු බොහෝ පිරිසක් සිය සරුංගල් නිර්මාණ ගුවනට යවමින් විනෝද වී තිබේ.
කෙසේවෙතත්, මේ අතරේ යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඊලාම් සිතියම හා එම සංවිධානය ජාතික ධජය ලෙසින් හැඳින්වූ නියඟලා මලද අඩංගු කරමින් සරුංගලයක් නිර්මාණ කර ගුවන්ගත කිරීම හේතුවෙන් මෙම සරුංගලය කාගෙත් අවධානයට යොමුව ඇත.
මේ පිළිබඳව කරුණු අනාවරණය වීමෙන් පසුව ඊයේ මෙම තරුණයා සොයා ප්රශ්න කිරීමට මුලතිව් පොලිසිය පියවර ගෙන තිබේ.
යාපනය, වැල්වැටිතුරෙයි ප්රදේශයේ දී ද සෑම වසරකම ජනවාරි මස තෛපොංගල් දිනට සමගාමීව විශාල සරුංගල් සැණකෙළියක් සංවිධාන කෙරෙන අතර ඊට සමගාමීව මුලතිව් මුහුදු වෙරළේ දී ද ඉදිරියේ දී සරුංගල් සැණකෙළි සංවිධානය කළ බව මුලතිව් සරුංගල් සැණකෙළිය සංවිධානය කළ තරුණයෝ සඳහන් කරති.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart