
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදී කණ්ඩායම ජාතික ජන බලවේගයේ සගයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසයි.
එම පිරිස ජාතික ජන බලවේගයට අරමුදල් සැපයූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් වූ ඊබ්‍රහිම් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ හිටියා. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ පියාත් එම පක්ෂයේ ජාතික ලැයිස්තුවේ සිටියා. මෙම කණ්ඩායම රුපියල් මිලියන ගණනින් ජාතික ජන බලවේගය වෙත අරමුදල් සපයා තිබෙනවා. මේ රටේ කතෝලික ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමේදී මේ කාරණය මතක තබාගත යුතුයි” යැයි ලාන්සා ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ දිනවීම සඳහා නිර්මාණය කළ නව සන්ධානයේ මංගල රැලියේදීය.
“ජාතික ජන බලවේගයේ නායකයන් එක සතයක්වත් බදු ලෙස ගෙවා නැහැ. අපි වගේ එක තරුණයකුටවත් රැකියා දීලා නැහැ. ඔවුන් රැකියාවක් කරන්නේ නැහැ. කොහොමවුණත්, ඔවුන් අපි කාටත් වඩා සුවපහසු ජීවිත ගතකරනවා ”ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart