
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුරතල් සිංහයකු සමග තායිලන්තයේ පතායා නගරයේ වීදිවල විනෝද චාරිකාවක යෙදුණු කාන්තාවක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව පැතිර ඇති වීඩියෝවක දැක්වෙන්නේ දම්වැල් දැමු සිංහ පැටියා සුදු පැහැති විවෘත බෙන්ට්ලි රථයක පිටුපස අසුන්ගෙන සිටින ආකාරයයි.
සිංහයා සහිත රථය පදවා ඇත්තේ ශ්‍රී ලාංකිකයකු විසින් බව පැවසේ.
එහෙත් ඔහු මෙම සිද්ධියෙන් පසු රටින් පිටව ගොස් ඇත.
මොහු Sawangjit Kosoongnern නම් චූදිත කාන්තාවගේ මිතුරකු යැයි විශ්වාස කෙරේ.
සිංහයකු අයිති කර ගැනීම තායිලන්තයේ නීති විරෝධී නොවන නමුත් එය නිල වශයෙන් ලියාපදිංචි කළ යුතුය.
තායිලන්තයේ බලධාරීන් පැවසුවේ Sawangjit නම් කාන්තාව නකොන් පතොන් පළාතේ තායි ජාතිකයකුගෙන් මෙම සතා මිලදී ගත් බවට ප්‍රකාශ කළ බවයි.
ඔහු විසින් සිංහ පැටවා පතායා වෙත සාර්ථකව ගෙන ඒමට පහසුකම් සලසා දුන් බවත් ඇය ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත්, එසේ කිරීමට පෙර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට නිලධාරීන් වෙත යොමු කිරීමට ඔහු අපොහොසත් වීම නිසා සත්වයාගේ පැවරීම සහ හිමිකම යන දෙකම නීති විරෝධී බවට පත්ව තිබේ.
එබැවින් අවසරයකින් තොරව පාලිත වන සතෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව ඇයට එල්ල වී ඇත.
එම චෝදනාව වසරක සිර දඬුවමක් සහ බාට් 100,000ක් ($ 2,800; පවුම් 2,200) දක්වා දඩයකට යටත් වේ.
සිංහයා රඳවා ගෙන සිටි කුලියට ගත් නිවස අයත් ශ්‍රී ලාංකිකයාට එරෙහිව නඩු පැවරීමට පොලිසිය සොයමින් සිටින නමුත් ඔහු තවදුරටත් තායිලන්තයේ නොමැති නිසා එය කිරීමට නොහැකි වී ඇත.
පාලිත වන සතෙකු පොදු ස්ථානවලට ගෙන ඒම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වීමට නියමිත අතර, එය මාස හයක් දක්වා සිරදඬුවමක් සහ බාට් 50,000ක දඩයක් ගෙවීමට සිදුවන වරදකි.
කාන්තාව වෙත සිංහයා විකුණූ පුද්ගලයාට අනවසරයෙන් සතෙකු ප්‍රවාහනය පිළිබඳ චෝදනාව ද එල්ල වේ.
තායිලන්තයේ දැනට නීත්‍යනුකූලව අයිතිකරුවන් යටතේ සිංහයන් 224ක් සිටින බව බලධාරීහු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart