
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රවින්චන්ද්‍රන් අශ්වින්, මොහොමඩ් සමී, ජස්ප්‍රිට් බුම්රා සහ සුබ්මන් ගිල් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානවලින් පිදුම් ලබා තිබේ.
2019 – 2020,2021- 2022 ,2023 වසරවලට අදාළව හයිද්‍රාබාද් හි ඊයේ පැවති ඉන්දීය ක්‍රිකට් ආයතන සම්මාන රාත්‍රීයේ දී ඔවුන් මෙම සම්මානවලින් පිදුම් ලැබීය.
මොහොමඩ් සමී 2019 – 2020 – අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මාන(BCCI)
රවිචන්ද්‍රන් අස්වින් 2020 – 2021 -අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මාන(BCCI)
ජස්ප්‍රිට් බුම්රා 2021- 2022 – අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මාන(BCCI)
සුබ්මන් ගිල් 2022 – 2023 – අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මාන(BCCI)
මීට අමතරව යසස්වි ජයිස්වාල් 2022 – 2023, මයන්ක් අග්‍රවාල් 2019 – 2020, ශ්‍රේයියස් අයියර් 2021-2022 වසරට අදාළව හොදම අන්තර්ජාතික තරග වරම් හිමිකරගත් ක්‍රීඩකයාට හිමි BCCI සම්මානය දිනාගත්හ.
ඉන්දීය කාන්තා කණ්ඩායමේ දිප්ති ෂර්මා (2019-20, 2022-23), වසරට අදාළව හොදම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි BCCI සම්මානය සහ ස්ම්රිත් මන්දනා (2020-21, 2021-22) වසරට අදාළව හොදම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි BCCI සම්මානයෙන් පිදුම් ලැබිණි.
යසස්වි ජයිස්වාල් 2022 – 2023 වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරු ලෙසත්, රවිචන්ද්‍රන් අස්වින් 2022- 2023 වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් පන්දුයවන්නා ලෙසත් BCCI සම්මාන හිමිකර ගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart