
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගණිකා වෘත්තීය නීතිගත කිරීමේ ප්‍රතිපත්තියක් ජාතික ජන බලවේගයට නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ජාතික ජන බලවේග පාලනයක් යටතේ සමාජයේ ගෞරවනීය කොටස්කාරයන් බවට ස්ත්‍රීන් පත්කර ගන්නා බවද ලේකම්වරයා සඳහන් කරයි.
එමෙන්ම ජා.ජ.බ. ප්‍රතිපත්තිය ඇඟ විකිණීමට සිදුනොවන ආර්ථිකයක් සහ රටක් ගොඩනැඟීම බවද ඔහු පවසයි.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙසේද පවසා ඇත.
”අපි කැමැති වුණත් අකැමැති වුණත් ඇඟ විකුණන කාන්තාවන් අපේ රට් ඉන්නවා. ඔවුන් එය කරන්නේ කැමැත්තෙන් නොවෙයි. ආර්ථික සහ සමාජ අර්බුදය විසින් ඔවුන් එතැනට ඇදදමා තිඛෙනවා.
අපේ ප්‍රතිපත්තිය සියලුම ස්ත්‍රීන්ට ගෞරවයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමයි. ඇඟ විකිණීම ගෞරවයක් නොවන බව කවුරුත් දන්නවා. අපේ ප්‍රතිපත්තිය ඇඟ විකුණන්න සිදුනොවන ආර්ථිකයක් සහ රටක් ගොඩනඟීමයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart