
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුම්බායි ගුවන් තොටුපළෙහි නවතා තිබු ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් තුළදී, පුද්ගලයකු විසින් එහි නියමුවාට කම්මුල් පහරක් එල්ල කරන ලද පුවතක් පසුගිය 15 වැනි දින එරට ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
පැය 12කට අධික කාලයක් ගුවන් ගමන් ප්‍රමාද වීම මෙම පහර දීමට හේතු වී ඇති බවට වාර්තා වේ.
දිල්ලි නුවර ඇති වී තිබෙන අධික මීදුම් තත්ත්වය මෙම ප්‍රමාදයන්ට හේතුව බව ගුවන් තොටුපළ නිලධාරීන් පවසා ඇත.
ඒ අනුව, ගුවන් ගමන් ප්‍රමාදවීම හේතුවෙන් ගුවන් මගීන් ගුවන් තොටුපළෙහි බිම මත වාඩි වී අහාර ගන්නා වීඩියෝ කිහිපයක්ද සමාජ මාධ්‍ය හරහා හුවමාරු වී තිබේ.
මෙම ප්‍රමාද වීම් සම්බන්ධයෙන්, සිවිල් ගුවන් සේවා ආරක්ෂණ කාර්යාංශය විසින් IndiGo සමාගමට රුපියල් කෝටි 1.2 ක දඩයක්ද නියම කර ඇති බවට එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart