January 4, 2024

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී ඔහුගේගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක් වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් දයාශ්‍රිත තිසේරා නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙසද පත් කර ඇති බව වාර්තා සඳහන් කරයි.

ප්‍රොටස් තිසේරාගේ පුත්‍රයා වන ඔහු අවස්ථා කිහිපයක දි පසුගිය ආණ්ඩු කිහිපයක ප්‍රබල කැබිනට් සහ නියෝජ්‍ය ඇමැතිධුර කිහිපයක්ම දරා ඇත.