
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ-මියුන්ගේ බෙල්ලට පිහියෙන් ඇන ඇති බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය (Yonhap news agency) වාර්තා කරයි.
ප්‍රධානියා වන, ලී ජේ-මියුන් අඟහරුවාදා දකුණු වරාය නගරයක් වන, බුසාන්හි සංචාරයක යෙදී සිටියදී නාඳුනන පුද්ගලයකු විසින් මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.
එම පුද්ගලයා ලීගේ නම සහිත කඩදාසි ඔටුන්නක් පැළඳ සිටි, වයස අවුරුදු 50 හෝ 60ක පුද්ගලයකු බව වීඩියෝ පට මගින් හදුනාගෙන ඇත.
විපක්ෂ ප්‍රධානියාගෙන් සමරු සටහනක් ඉල්ලා මෙම පුද්ගලයා පැමිණ ඇති අතර, එහිදී ඔහු විසින් ලී ජේ-මියුන්ගේ බෙල්ලට පිහියෙන් ඇන තිබේ.
එම ස්ථානයේදීම ඔහුව අත්අඩංගුවට ගත් බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
අවි ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් දකුණු කොරියාව තුළ දැඩි සීමා පනවා තිබුණද, එවැනි සිදුවීම් රැසක් එරටින් වාර්තා වේ.
මෙම ප්‍රහාරය දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින්ද හෙළාදැක තිබේ.
පහතින් දැක්වෙන්නේ ඊට අදාළ වීඩියෝව පහතින් දැක්වේ.
(සංවේදී පුද්ගලයන් මෙය නැරඹීමෙන් වළකින්න)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart